ඔස්ට්‍රේලියාවේ ගෙවල් මිලදී ගන්න විදේශිකයින්ට ඉදිරියේදී වෙන දේ

විදේශිකයින් හට ඔස්ට්‍රේලියාවේ නිවාස මිලදී ගැනිමට අදාල නව විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රමයක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

 

ඒ අනුව ස්ථාපිත නිවාස මිලදී ගැනීම සඳහා ඉහළ ගාස්තු සහ දේපල හිස්ව තබන අය සඳහා දඩ මුදල් පැනවීමට ද නියමිත බව සඳහන්.

 

මෙහිදී නිවාස හා දේපල ක්ෂේශ්ත්‍රයට ලැබෙන විදෙස් ආයෝජන මෙරට ජාතික අවශ්‍යතාවයන්ට සරිලන අයුරින් යොදා ගැනීම අරමුණ වී තිබෙනවා.

 

මේ අතර විදේශිකයන් හට නිවාස කුලියට දීම සඳහා කෙරෙන විදෙස් ආයෝජන වල අයදුම්පත්‍ර ගාස්තුද කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා. 

 

මෙහිදී ඔස්ට්‍රේලියාවේ නිවාස ක්ෂේශ්ත්‍රයට එකතු වන නිවාස ප්‍රමාණය ඉහල යනු ඇතැයි විස්වාස කෙරෙනවා.

 

දැරිය හැකි මිලකට නිවාස ලබාදීම සහ පවතින නිවාස සැපයුම ඉහළ නැංවීම සඳහා වන රජයේ න්‍යාය පත්‍රය සමඟ මෙරටට ලැබෙන විදේශ ආයෝජන සමපාත වන බවට සහතිකවීම මෙම නව පනත මගින් සිදු වනු ඇති.

 

ඉදිකළ නිවාස මිලදීගනීමෙදී විදෙස් ආයෝජකයින් සඳහා වන ගාස්තුව තුන්ගුණයකින් ඉහල දැමීම සිදුකර තිබෙනවා.

 

2017 මැයි 9 සිට විදේශිකන් විසින් මිලදී ගෙන පුරප්පාඩු වී තිබෙන සියලුම නිවාස සඳහා ගාස්තු දෙගුණ කර තිබෙන අතර

නව නීති මගින් විදෙස් ආයෝජකයින්ට නව නිවාස ඉදිකිරීමට තවදුරටත් උනන්දු කිරීම මෙහි තවත් එක් අරමුණක්.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »