Search

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකීය සිසුන්ට පදිංචියට සුදුසු කොහෙද?

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදැරීම සඳහා පැමිණි ජාත්‍යාන්තර සිසුන් සංඛ්‍යාව සියයට 29කින් ඉහළ ගොස් තිබෙනවා.

 

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යංශ දත්ත අනුව ඉන් වැඩි පිරිසක් චීන සිසුන් වන අතර සිසුන් එක් ලක්ෂ හැට දෙදහස ඉක්මවන බව සඳහන්.

 

ඒ අනුව 2023 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා ඔස්ට්‍රේලියාවට පැමිණි සමස්ථ ජාත්‍යාන්තර සිසුන් ගණන් 768113 ක්.

 

ඉන් 15710ක් ශ්‍රී ලංකීක සිසුන් වන අතර ඉන් වැඩි ප්‍රතිශතයක් වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කරන බවද සඳහන්.

 

ජීවන වියදම, අධ්‍යාපන පහසුකම් සහ අනෙකුත් වියදම් සැලකීමේ දී ශ්‍රී ලාංකීය සිසුන් සඳහා වාඩාත් සුදුසු කළාපය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබීම විශේෂත්වයක්.

 

මීට අමතරව මෙරට අධ්‍යාපනය සඳහා පැමිණි සිසුන් අතර දෙවන ස්ථානය ඉන්දියාවත් තෙවන ස්තානය නේපාලයත් හිමිකර ගෙන තිබෙනවා.

 

එම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 12 වන ස්ථානයයි.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »