ජනපති රනිල් වික්‍රමසිංහ ඔස්ට්‍රේලියාවට

පෙබරවාරි මස 9 වන දා සිට 10 වනදා දක්වා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන 7 වැනි ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

එම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ලද ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මේ සඳහා සහභාගී වනු ඇති.

ඒ අනුව ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයක් අනුව සංචාරයට එක්වන ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආයෝජන අවස්ථා පිළිබඳව ද සොයා බැලීමට නියමිතයි.

ස්ථාවර සහ තිරසර ඉන්දීය සාගරයක් යන්න මෙවර සමුළුවේ තේමාවයි.

ඉන්දියන් සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිත කරන රටවලට බලපාන පොදු ගැටලු වලට අදාළව කරුණු සාකච්ජා කිරීම මෙහි අරමුණයි.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »