මෙල්බන් අවට වැඩ පෙන්වු යතුරුපැදි කරුවන්ට වැඩ වරදී

මෙල්බන් අගනුවර නීති විරෝධි සහ අපරික්ෂාකාරි ලෙස යතුරුපැදි ධාවනය කල පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පසුගිය දෙසැම්බර් උත්සව සමය තූළ නගරය පුරා අනාරක්ෂිත අන්දමින් යතුරුපැදි ධාවනය කළ සමූහයන් වැටලීම් කටයුතු පොලීසිය විසින් ආරම්භ කර තිබුණා.

 

ඒ සම්බන්ධ නිරීක්ෂණය සඳහා විශේෂ පොලිස් සේවාවක්ද නගරය පුරා ක්‍රියාත්මක බව පොලීසිට සඳහන් කළා.

 

මෙලෙස අත්අඩංගුවට ගත් යතුරුපැදිකරුවන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් නිති විරෝදී සහ මහජනතාව බියගැන්වෙන සුලු ධාවනයක නිරතව ඇති බවයි චෝදනා වන්නේ.

 

විශේෂයෙන් මොවුන් ජනතාව වැඩි ලෙස ගැවසෙන කැටානි උද්‍යානය වටා මෙලෙස අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කර ඇති බව දැක්වෙනවා.

 

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 16ත් 20ත් අතර වයස් සීමාවේ පසුවන්නන් බව සඳහන්.

 

කෙසේ වෙතත් පොලීසිය මහජනතාවට දැනුම් දෙන්නේ මෙලෙස අපරික්ෂාකාරි සහ නීති විරෝධී අන්දමින් යතුරුපැදි ධාවනයේ යෙදෙන්නන් සම්බන්ධ තොරතුරු එදිනෙදා මගතොටේදි දැකගැනීමට ලැබුණහොත් 1800 333 000 යන දුරකතන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසයි.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »