සිඩ්නි වෙරළ තීරයක් ආශ්‍රිත කුෂ්ඨ රෝග අවදානමක්

සිඩ්නි හි නැගෙනහිර ක්ලෝවලි වෙරළතීරයේ දියනෑමට යෑමේදී සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහි දිය නෑමට ගිය පිරිසක් දිය නෑමෙන් අනතුරුව ඔවුන්ගේ ශරිරයේ කුෂ්ඨ ලප හටගෙන ඇති බවයි දැකීම මීට හේතුවයි.

මේ හේතුවෙන් සිඩ්නිහි සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ මුහුදු වෙරළ ආශ්‍රිත සමේ ආසාත්මිකතා ඇති විය හැකි බැවින් වෙරළට බැසීමට පෙර අවධානයෙන් පසුවන ලෙසයි.

කෙසේ වෙතත් මෙලෙස කුෂ්ඨ හට ගැනීම හේතුව කුමක්ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නැහැ.

මෙලෙස සමේ ආසාධනයන් ඇතිවූ පිරිස සිඩ්නි හි නැගෙනහිර ක්ලෝවලි වෙරළතුළ එක හා සමාන කලාපයක දිය නාමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

 ශරීරයේ තැනින් තැන රතු ලප හට ගෙන ඇති අතර එහි කිසිදු වේදනාවක් නොමැති බවද සඳහන්.

කෙසේ වෙතත් මේ පිළිබද සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ආසාත්මිකතා ඇති වූ පුද්ගලයින් මේ වන විට ප්‍රතිකාර සදහා යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »