Valentine’s Day සමගාමීව වංචනික ක්‍රියාවලට ඔබත් නොරැවටෙන්න

Valentine’s දිනට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ සිදුවෙන වංචනික ක්‍රියාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ජාතික වංචා විරෝධී මධ්‍යස්ථානය  පෙන්වා දෙන්නේ විවිධ Dating App මගින් ආදරය ප්‍රකාශ කරන මුවාවෙන් බොහෝ වංචනික ක්‍රියාවන් සඳහා පුද්ගලයින් පොළඹවා ගැනීමට ඉඩක් පවතින බවයි.

Scamwatch වාර්තා පෙන්වා දෙන්නේ 2023 වසරේ Valentine’s දිනට සමගාමීව සිදුවු වංචනික ක්‍රියා පැමිණිළි සංඛ්‍යාව 484ක් බවයි.

එම වංචනික ක්‍රියා ඔස්සේ ඩොලර් මිලියන 40 කට වැඩි මුදලක් ව්‍යාජ ලෙස සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වංචනික ක්‍රියාවන්ට හසුවී මූල්‍යමය පාඩු වැඩි වශයෙන් සිදුව ඇත්තේ වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින්ට බව සඳහන්.

මේ අතර ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පෙන්වා දෙන්නේ අන්තර්ජාලයෙන් පමණක් හමු වූ කෙනෙකුගෙන් මූල්‍ය හෝ ආයෝජන උපදෙස් ලබා නොගන්නා ලෙසයි.

 මෙවැනි වංචනික ක්‍රියාවන්ට නොරැනයෙනනැයි යන පණිවුඩය හැකිතාක් මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරන ලෙස ජාතික වංචා විරෝධී මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »