වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන්වු කාන්තාවගේ CCTV දර්ශන මාධ්‍යයට

දින 4ක සිට වික්ටෝරියා ප්‍රාන්තයෙ අතුරුදන්ව සිටි කාන්තාව සම්බන්ධයෙන් අවසන් වරට දුටු දසුනේ ඇතුලත් නවතම CCTV දර්ශනය පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇය අවසන් වරට නිවසින් පිටව මිනිත්තු 16කට පසු අසල නිවසක ආරක්ෂිත කැමරාවකට හසුවු දර්ශන මෙලෙස මාධ්‍යට නිකුත් කර තිබුණා.

51 හැවිරිදි  සමන්තා මර්ෆි අවසන් වරට දැක ඇත්තේ

නැගෙනහිර යුරේකා වීදියේ පිහිටි සිය නිවසින් පිටත්ව කැනේඩියානු ප්‍රාන්ත වනාන්තරය ප්‍රදේශයේ උදෑසන ව්‍යායාම් සදහා දිවීමට යන දර්ශනයක්.

පසුගිය ඉරිදා උදෑසන 7 මෙලෙස අවසන් වරට ඇය නිවසින් පිටව ගොස් ඇති අතර මෙතක් කොසිදු තොරතුරක් සොයා ගැනීමට හැකිව නැහැ.

ඇයගේ පවුලේ උදවිය ඇතුලු මිතුරන්ද ඇය සම්බන්ධයෙන් ධනාත්මක පණිවුඩයක් ලැබෙනතෙක් බලා සිටිනු බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම කලාපය අවට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර කාන්තාව සෙවීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුවනවා.

කෙසේ වෙතත් සමන්තා මර්ෆි ගේ යැයි සැකකෙරෙන උපකරණ කිහිපයක් පිළිබද විමර්ෂණ ආරම්භ කළද ඇයේ සැමියා විසින් සදහන් කර ඇත්තේ එම උපකරණ තම බිරිදට අදාළ නොවන බවයි.

මෙම අභිරහස් අතුරුදන්වීම වික්ටෝරියා ප්‍රාන්තය පුරාම ආන්දෝලනාත්ම පුවතක් වන අතර ඇය සොයා පොලීසිය අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »