ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාවට සෞඛ්‍ය සම්පන්න පරිසරයක අයිතීන් අහිමි වෙයි

ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාවට ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකුල සෞඛ්‍ය සම්පන්න පරිසරයක අයිතීන් ආරක්ෂාකර දීම අත්‍යාවශ්‍ය බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංරක්ෂණ පදනම විසින් සිදුකල අධ්‍යයනයක දී තහවුරු වී ඇත්තේ වයස අවුරුදු 13 ත් 24 ත් වියෙහි පසුවන සෑම 10 දෙනෙකුගෙන් 09 කගේම සෞඛ්‍ය සම්පන්න පරිසරයක් අයිතීන් කඩවන බවයි.

ලොව රටවල් 160 කට වැඩි සංඛ්‍යාවක් සෞඛ්‍ය සම්පන්න පරිසරයක අයිතීන් නීති ගත කර ඇති නමුත් ඔස්ටේ්‍රලියාව තුල කිසිදු අධිකරණ බලයක් ඒ සම්බන්ධව බලාත්මක වන්නේ නැහැ.

ඔස්ට්‍රේලියානු සංරක්ෂණ පදනම සඳහන් කළේ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා ඇති අයිතිය නීතිගත කිරීමට අපොහොසත්වීම මගින් ඔස්ටේ්‍රලියාව අනෙකුත් රටවලට සාපේක්ෂව පසුබෑමකට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් ACT ප්‍රාන්තය සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා වන අයිතිය නීතිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය දේශගුණික ක්‍රියාකාරකම් පිළිබද මාර්ගෝපදේශ මූලධර්ම පද්ධතියක් ද හඳුන්වා දී තිබෙනවා.

සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා ඇති අයිතින් නීතිගත කරදෙන මෙන් ඉල්ලමින් තරුණ ප්‍රජාව උද්ඝෝෂණ හා පෙළපාලිද රට පුරා සංවිධාන කර තිබුණා.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »