දරුණු මෝර ප්‍රහාර හමුවේ ඔස්ට්‍රේලියාවේ මුහුදු වෙරළක් වැසෙයි

දරුණු මෝරුන් ගැවසීම හේතුවෙන් පර්ත් හි වෙරළ තීරයක් වසා දමා තිබෙනවා.

 

ජිවිතාරක්ෂණ අංශ සඳහන් කළේ මීටර් 20ක් පමණ දිගින් යුත් විශාල මොරෙකු ගැවසීමත් සමග මඳුරා වෙරළ තීරයට ප්‍රවිශ්ඨ වීම තාවකාලිකව වසා දැමු බවයි.

 

පසුගිය දින කිහිපය තුළ දරුණු මෝරුන්ගේ ග්‍රහනයට හසුවී බරපතල අනතුරු රැසක් වාර්තා වීමත් සමග ජනතාවගේ ආරක්ෂාව හේතුවෙන් ජිවිතාරක්ෂක සේවා වෙරළ කලාප තුළ අනිවාර්ය කර තිබුණා.

 

කෙසේ වෙතත් මෝරුන් උදෑසන සහ සවස් කාලයේ වෙරළ ආශ්‍රිතව ගැවසීමේ වැඩි ඉඩක් පවතින අතර හිරු එළිය පවතින වේලාවේදී ගැඹුරු මුහුදේ වෙසෙනව බවයි මත්ස්‍ය විශේෂඥයින් දැනුම් දෙන්නේ.

 

බටහිර ඔස්ට්‍රේලියානු රජය දරුණු මෝර මසුන් පිළිබඳ අනතුරු ඇඟවීමේ පද්ධතිය හරහා මහජනතාව දැනුවත් කර ඇති බව ද සඳහන්.

 

මාරාන්තික මෝර ප්‍රහාර වලට ජනතාව වැඩිවශයෙන් ලක්වීමත් සමග ලෝකයේ මාරාන්තික මෝර ප්‍රහාර අනතුරු ඉහළම රට ලෙස ඔස්ට්‍රේලියාව නම් කර තිබෙනවා.

 

පසුගිය වසරේ ලොව සිදුවූ මාරාන්තික මෝර ප්‍රහාර 10 න් හතරක් ඕස්ට්‍රේලියානු මුහුදු සිමාවේ සිදුවීම ඊට හේතුවයි.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »