ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනා නම් කෙරෙයි

ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනා නම් කර තිබෙනවා.

 

ෆෝබ්ස් සඟරාව දක්වා ඇති පරිදි ලොව ධනවත්ම කාන්තාවන්ගේ සංඛ්‍යාව 337ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 2022 වසරේ දී එය සටහන්ව ඇත්තේ කාන්තාවන් 327 ලෙසයි.

 

ලෝකයේ ඉහළම ධනවත්ම කාන්තාවන් 10 දෙනා අතර ඩොලර් බිලියන 450 කට වඩා වැඩි වත්කමක් පවතින බව සදහන්.

 

විවිධ රටවල් පහක් පුරා සිටින කාන්තාවන් 10 දෙනෙක් මේ සදහා නම් කර ඇති අතර ධනවත්ම කාන්තාව ලෙස ප්‍රංශයේ Francoise Bettencourt නම් කර තිබෙනවා.

 

ඇයගේ වත්කම සටගන්ව ඇත්තේ ඩොලර් බිලියන96.7 ක් ලෙසයි.

 

මෙමශ්‍රේණිගත කිරීමේ 7වන ස්ථානය ඔස්ට්‍රේලියානු කාන්තාවක් හිමිකරගෙන ඇති අතර ඇයගේ වත්කම ඩොලර් බිලියන 33.6ක්

 

මෙහි දෙවන ස්තානයට පත්ව ඇත්තේ ඇලිස් වෝල්ටන් නැමති ඇමරිකානු කාන්තාවක් වන අතර ඇගේ වත්කම ඩොලර් බිලියන 61ක්

 

දෙවන ස්ථානයේ සිට 6වන ස්ථානය දක්වා ලොව ධනවත්ම කාන්තාවන් අතර ඇමරිකානු කාන්තාවන් 6 දෙනෙකු විම විශේෂත්වයක්.

 

මෙහි 8වන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියානු කාන්තාවක් වන අතර ඇගේ වත්කම ඩොලර් බිලියන 28.3ක්

 

ලෝව ධනවත්ම පුද්ගලයන් 10 දෙනාගේ ලැයිස්තුවේ දැනට කාන්තාවන්ට ඇතුළත් වීමට හැකිව නැහැ.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »