Amazon විසින් ඔස්ට්‍රේලියාවට නොමිලේ සේවාවක්

සුප්‍රකට Amazon සමාගම ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකටPrime Free- one day delivery සේවාව ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව බ්‍රිස්බේන්, ජීලොන්ග්,ගොස්ෆෝර්ඩ්,නිව්කාසල් සහ වොලොංගොන්ග් වෙත මෙම සේවා ලබා ගැනීමේ හැකියාව පවතින අතර මිලියන සංඛ්‍යාත ‍ඔස්ට්‍රේලියානු ඔන්ලයින් පාරිභෝහිකයින්ට මෙය වඩාත් වාසි සහගත වනු ඇති.

මෙම නගරවල සිටින පාරිභෝගිකයින්ට පැන්ට්‍රි ද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ, පොත්පත්,රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ තවත් දේ ඇතුළුව මිලියනයකට අධික නිෂ්පාදන Prime Free one day delivery යටතේ නොමිලේ ගෙන්වා ගත හැකියි.

Amazon.com.au හෝ Amazon App මගින් 

Prime Free- one day delivery සේවය සඳහා නම් කර ඇති අයිතම හදුනා ගැනීමේ හැකියාව පවතිනවා.

එහි විශේෂත්වය වනුයේ මධ්‍යම රාත්‍රියේ ලබා දෙන ඇණවුමක් වුවද පසු දිනම පාරිභොගිකයින්ගේ අතට ලැබීමයි.

පාරිභෝගිකයින් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ සහ සේවා ගෙන්වා ගැනීමේදි වැඩි delivery ගාස්තුවක් ගෙවීමට මෙන්ම ඇතැම් විට දීර්ඝ කාලයක් බලා සිටීමට වුවද සිදුවනු ඇති.

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »