Smart Phone වලට ඇබ්බැහිවීමෙන් ඔස්ට්‍රේලියාව ලොව 12 වන ස්ථානයට

ස්මාර්ට් දුරකතන වලට ඇබ්බැහි වීම අනුව රටවල් ශ්‍රේණිගත කිරීම් ඇතුලත් නවතම වාර්තාවක් නිකුක් කර තිබෙනවා.

 

ඒ අනුව ස්මාර්ට් දුරකතන වලට වැඩි වශයෙන් ඇබ්බැහි වූ රටවල් අතර චීනය පළමු ස්ථානයට පත්ව ඇති අතර එම අගය සියයට 36.8ක් ලෙස සඳහන්.

 

එම ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් සවුදි අරාබිය සහ මැලේසියාව නම් කර තිබෙනවා.

 

මේ අතර එම ශ්‍රේණිගත කිරීමේ ඔස්ටේ්‍රලියාවට හිමිවන්නේ 11 වන ස්ථානයයි.

 

ඔස්ටේ්‍රලියානුවන් ස්මාර්ට් දුරකතන වලට ඇබ්බැහිවීමේ අගය සියයට 28.61 ලෙස සඳහන්.

 

ලොව පුරා රටවල් වල ස්මාර්ට් දුරකතන භාවිත කරන ප්‍රජාව ඉලක්ක කරගනිමින් මෙම අධ්‍යයනය සිදු කර තිබුණා.

 

එම ශ්‍රේණිගත කිරීමට අනුව ඉන්දියාවට හිමිවන්නේ 17 වන ස්ථානය වන අතර එම අගය සියයට 27.2ක්.

 

රටවල් 24ක් එම ශ්‍රේණිගත කිරීමට ඇතුලත් වන අතර කැනඩාව 7 වන ස්ථානයත් ඉතාලිය 11 වන ස්ථානයටත් ඇමරිකාව 18 වන ස්ථානයටත් නම් කර තිබෙනවා.

 

ජර්මනිය එම ශ්‍රේණිගත කිරීමේ අවසාන ස්ථානය වන 24 වන තැනට පත්ව ඇති බව වැඩිදුරටත් සඳහන්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »