අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරණය වන වෙළඳ දැන්වීම්හි නිරූපනයේ යෙදෙන විලසිතා තාරකාවන් මගින් පාරිභෝගිකයින් නොමග යවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් විලාසිතා තාරකාවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් 118ක් නිරීක්ෂණය කරමින් සොයාගෙන ඇත්තේ ඉන් සියයට 81ක පමණ ජනතා නොමග යවන දැන්වීම් තම නිරූපනයන් තුළින් පල කර ඇති බවයි.
ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, ස්නැප්චැට්, යූ ටියුබ් – ෆේස්බුක් සහ ට්විටර් වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ එම විලසිතා තාරකාවන් ජනතාව නොමග යවන සුලු අලෙවිකරණ රටාවක් නිරත වන බව සොයාගෙන තිබෙනවා.
මේ අතර විලාසිතා, රූපලාවණ්‍ය, ආහාර පාන, සංචාර සහ ජීවන රටාව, සෞඛ්‍ය, නිවස, ක්‍රීඩා සහ තාක්ෂණය යන ක්ෂේත්‍ර හතක් ඔස්සේ පාරිභෝගිකයින්ට සිදුවන බලපෑම් ACCC විසින් අධ්‍යයනය කර තිබුණා.
මෙහිදි විලාසිතා තාරකාවන්ගෙන් සියයට 96ක් ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් මගින් ජනතාව නොමග යවන සුලු භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනයන්හි නිරතව ඇති බවයි සොයාගෙන ඇත්තේ.
ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය යටතේ කිසිදු පුද්ගලයකුට හෝ අළෙවි ආයතනයකට තම පාරිභෝගිකයින් නොමග යවන සුලු ප්‍රචාරණ හෝ රැවටීම් සිදු කිරීමට හැකියාවක් නොමැති වුව ද අන්තර්ජාලය ඔස්සේ මෙවැනි වංචනික ක්‍රියා සිදුවන බව සඳහන්.
2024 වසරේ දී සමාජ මාධ්‍ය ඔස්සේ ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය කඩ කරන්නන්ට එරෙහිව නව මාර්ගෝපදේශමාලාවක් හඳුන්වාදීමට ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම පියවර ගෙන තිබෙනවා.