පියා බැලීම සදහා හැරී කුමරු ලන්ඩනයට

තුන්වන චාල්ස් රජුට පිළිකා රෝග විනිශ්චය කිරීමෙන් පසු හැරී කුමරු රජු බැහැදැකීම සදහා ලන්ඩන් වෙත පැමිණෙන තිබෙනවා.

තම පියා වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව ලොවම දැන ගැනීමෙන් පැය 24ක් ගතවීමටත් පෙරට හැරි කුමරු ඇමරිකාවේ සිට ලන්ඩනයට පැමිණීම කාගේත් අවදානයට ලක්වුණා.

හැරි කුමරු පැමිණ ඇත්තේ බිරිද මේගන් සහ දරුවන් සමග නොවන බවයි වාර්තා වන්නේ.

රාජකීය ආරක්ෂාව මැද හැරි කුමරු බකිංහැම් මාලිගය වෙත පැමිණ ඇති බවද සදහන්.

එක්සත් ජනපදයේ ජීවත් වන හැරී කුමරු චාල්ස් රජු සමඟ කතා කර ඇති අතර, ඉදිරි දිනවල දී ඔහු බැලීමට පැමිණෙනු ඇතැයි මාධ්‍යවාර්තා පල කළ ඔහුගේ මෙම කසිනම් පැමිණීම වැඩි අවදානයට යොමු වුණා.

තුන්වන චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බවත්, ඒ සදහා ප්‍රතිකාර ආරම්භ කර ඇති බව බකිංහැම් මාලිගය පසුගියදා ප්‍රකාශ කලා.

 

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »