ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහනය තුළ සුනඛයින්ට ඉඩක් දෙන්න යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන පද්ධතිය තුළ සුඛනයින් රැගෙන යෑම සම්බන්දයෙන් මතබේදාත්මක තත්වයක් මතුව තිබෙනවා.

ඒ අනුව සිඩ්නි ප්‍රාන්තයේ පොදු බස් රථ හා දුම්රිය සේවා තුළ සුනඛයින් රැගෙනයෑම අවසර ලබා දීම සම්බන්ධයෙන් මේ දින වල සමාජ කතාකාවක් ද නිර්මාණය වී තිබුණා.

දකුණු ඇමරිකාව සහ නවසීලන්තය යන රටවල පොදු ප්‍රවාහන සේවා තුළ සුනකයින් රැගෙනයෑමට නීතියෙන් අවසර ලබා දී තිබුණද ඔස්ට්‍රේලියාව තුල එවැනි නීතිමය අවසරයක් මෙතෙක් ගෙන නැහැ.

සිඩ්නි නිවාසවලින් සියයට 40ක පමණ සුනඛයන් ඇති කරන අතර බොහෝ විට පෞද්ගලික වාහන තුළින් සුනඛයින් ප්‍රවාහනයවීම සිදු කෙරෙනවා.

මේ පිළිබඳ සමාජ කථිකාවකට එක්වෙමින් සිඩ්නි ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ජොෂ් මරේ සඳහන් කළේ මෙම පියවරට ආයෝජනයන්, සෞඛ්‍ය බලපෑම් සලකා බැලීම සහ නීතිමය හැකියාව පිළිබද අධ්‍යයනය කිරීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිඩ්නි ජනයාගෙන් විවෘත මතවිමසුම් මේ දින වල පැවැත්වෙනවා.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »