ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ විරේන්ට

ඉරානයේ පැවති 32 වන ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ විවෘත කේවළ අංශයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ සමත් වුණා. 

රටවල් 20ක ක්‍රීඩක – ක්‍රීඩිකාවන් 200කගේ පමණ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වුණේ ජනවාරි 30 වනදා සිට පෙබරවාරි 04 වනදා දක්වායි.

විරේන් නෙත්තසිංහ පෙරේදා රාත්‍රියේ (05) ශ්‍රී ලංකාවට පැමිණියේ ගාල්ල, දඩැල්ල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියට සහභාගී වීම සඳහායි. 

උගන්ඩාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට සහ පෝලන්තයේ සහ නෙදර්ලන්තයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගී වීම සඳහා විරේන් නෙත්තසිංහ මේ මස අගදී  පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »