ඔස්ට්‍රේලියාවේ දරු ප්‍රසූතිය සඳහා සුදුසු රජයේ රෝහල් ද? පුද්ගලික රෝහල් ද?

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය දරු ප්‍රසූතිය සඳහා අවම වශයෙන් ඩොලර් 726ක්  මුදලක් වැයවන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Finder විසින් කාන්තාවන් 1000කට අධික ප්‍රමාණයක් යොදා ගනිමින් දරු ප්‍රසුතිය සඳහා වාඩාත් හොද රජයේ රෝහල් ද පෞද්ගලික රෝහල්ද යන්න පිළිබද අධ්‍යයනයක් සිදු කර තිබුණා.

රජය රෝහල් මගින් නොමිලේ ප්‍රතිලාභ ලැබුණ ද ගුණාත්මක හා කාර්යක්ශම සේවාවක් ලබා ගැනීමට පුද්ගලික රෝහල් වෙත යොමුවන බවයි බොහෝ කාන්තාවන් සඳහන් කර ඇත්තේ.

සෞඛ්‍ය රක්ෂණාවරණ පැවතිය ද රක්ෂණ වලට අදාළ නොමැති අයවීම් පෞද්ගලික රෝහල් පද්ධති තුළ පවතින බව ද ඔවුන් සදහන් කර තිබුණා.

පුද්ගලික රෝහලක් තුළ දරු ප්‍රසූතියක් සඳහා ඩොලර් 12000කට අධික මුදලක් වැය වන අතර සමීක්ෂණයට සහභාගිවුවන් අතුරින් සියයට 38ක් සඳහන් කර ඇත්තේ ගුණාත්මකභාවය අතින් පෞද්ගලික රෝහල් වඩාත් හොද තත්වයේ පසුවන බවයි.

වෛද්‍ය ගාස්තු, සායනික ගාස්තු  පුද්ගලික රෝහල් තුළ ඉහළ අගයක් ගැනීමත් පවතින ජීවන වියදම හමුවේ දැරිය නොහැකි බවද සදහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් දරු ප්‍රසූතිය සදහා රජයේ රෝහල් වෙත යන පිරිස වැඩි බවයි අධ්‍යයනයේදී හෙළිව ඇත්තේ.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »