Search

සිඩ්නි වෙළඳසැල්හි රහස් ලාච්චු තුළ සඟවා අලෙවි කර e-දුම්වැටි

සිඩ්නි අගනුවර පුරා සිදු කළ වැටළීම් වලදී නිතිවිරෝධි ඉලෙක්ටට්‍රොනික දුම්වැටි 30000ක්  සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

නිව් සවුත් වේල්ස් පොලීසිය හා සෞඛ්‍ය සේවා කණ්ඩායම් කිහිපයක් එක්ව පසුගිය ජනවාරි 29 දා සිට පෙබරවාරි 2දා දක්වා මෙම හදිසි වැටළීම් සිදු කර තිබුණා.

නීති විරෝධී ඉලෙක්ටොනික දුම්වැටි වලට අමතරව නිකොටීන් අධි මාත්‍රා සහිත දුම්වැටි 118000ක් සොයා ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර දුම්වැටි සකස් කිරීමට සදහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය කිලෝ 45ක් ද සොයාගැනීමට පොලීසිය සමත් වුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් නිති විරෝධී දුම්වැටි වල වටිනාකම ඩොලර් මිලියන 1.1ක්

මෙලෙස නිති විරෝධී දුම්වැටි වෙළඳසැල් හි රහස් ලාච්චු තුළ ගබඩා කර ඇති බවයි වැටලීම් වලදී අනාවරණය වී ඇත්තේ.

ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය රයන් පාර්ක් පැවසුවේ මෙම වැටලීම් තවදුරටත් පුලුල් කරන අතර දුම්වැටි භාවිතයේ පවතින භායානක කම පිළිබඳව තරුණයින් දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කරන බවයි.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »