Search

සෑම ඔස්ට්‍රේලියානුවන් 1/5 – ඩොලර් 4000ක ඉතුරුම් මුදලක් නැහැ

සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට හදිසි අවස්ථාවක් සඳහා වැය කිරීම සදහා ඩොලර් 4000ක අමතර මුදලක් නොමැති බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

2023 වසරේ දෙසැම්බර් මස වයස අවුරුදු 30ත් 69ත් අතර පුද්ගලයින් 1039ක් සහභාගි කරගනිමින් සිදුකර සමීක්‍ෂණයක දී හෙළිව ඇත්තේ වැඩි පිරිසක් හදිසි අවස්ථාවක් සඳහා යොමු කිරීමට කිසිදු මුදලක් ඉතිරිකර නොමැති බවයි.

මේ අතර ඩොලර් ලක්ෂයක් හෝ ඊට වැඩි ගෘහ ආදායමක් ඇති සමීක්ෂණයට ලක් වූවන්ගෙන් සියයට 35ක් පමණ සඳහන් කර ඇත්තේ මූල්‍ය පාලනය පිළිබඳ වැඩි අවධානයක් නොදක්වන බවයි.

ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙලෙස ජනතාවගේ මූල්‍ය තත්වය පිරිහිම සඳහා පවතින ’උද්ධමනය සෘජුව බලපෑම් එල්ල කර ඇති බවයි.

මේ අතර ජීවිත රක්‍ෂණයක් නොමැති පුද්ගලයින් හට යම් ජිවිත අවධානමක් සිදුවුවහොත් ඔවුන්ගේ පවුලේ සුබසාධනය පිළිබඳ විශ්වාසය සියයට 10කින් අඩු ව ඇති බවද සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වුවන් ප්‍රකාශ කර තිබුණා.

නිවාස කුලි මිල ගණන් ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමත් සමග පුද්ගලයින් ජිවිත රක්ෂණ සඳහා මුදල් වෙන්කිරීමට මැලිවන බවද එහිදි සොයා ගෙන තිබෙනවා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »