ඕස්ට්‍රේලියානු රැකියා පුරප්පාඩු සංඛ්‍යාව ඉහළට​! ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නව දත්ත වලින් තහවුරු වේ.

ඕස්ට්‍රේලියානු රැකියා පුරප්පාඩු සංඛ්‍යාව ඉහළට​! ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නව දත්ත වලින් තහවුරු වේ.

2020 නොවැම්බර් කාර්තුව තුල​ රැකියා පුරප්පාඩු සංඛ්‍යාව 23% කින් ඉහළ ගොස් ඇති අතර එය 2020 පෙබරවාරි මාසයේ COVID-19 වසංගතයට පෙර පැවති මුළු සංඛ්‍යාවට සාපේක්ෂව වඩා ඉහළ අගයක් ගනී.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නව දත්ත වලට අනුව නොවැම්බර් මාසයේදී රැකියා පුරප්පාඩු 254,000 ක් පැවති අතර එය 2019 නොවැම්බර් මස රැකියා පුරප්පාඩු ප්‍රමාණයට​ වඩා සියයට 12 කින් ඉහළ ගොස් තිබේ.

රැකියා පුරප්පාඩු වල විශාලතම වැඩිවීම දුටු කර්මාන්ත තුන වූයේ සිල්ලර වෙළඳසැල්, කලා සහ විනෝදාත්මක සේවා, නවාතැන් හා ආහාර සේවා කර්මාන්ත ය.

සියලුම ඕස්ට්‍රේලියානු ප්‍රාන්තවල රැකියා පුරප්පාඩු කාර්තුමය වශයෙන් ඉහළ ගොස් තිබේ. නමුත් පෙබරවාරි කාර්තුවට වඩා අඩු පුරප්පාඩු ගණනක් වාර්තා වූ ඇති එකම ප්‍රාන්තය වික්ටෝරියා ප්‍රාන්තයයි.

සෘතුමය වශයෙන් සකස් කරන ලද සංඛ්‍යාලේඛන අනුව නොවැම්බර් මාසයේදී විරැකියා අනුපාතය සියයට 0.2 කින් පහත වැටී ඇති අතර ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාලය තුළ 90,000 ක් පමණ රැකියා පුරප්පාඩු සඳහා පුද්ගලයින් බඳවාගෙන ඇති අතර, වැඩ කරන පැය ගණන සියයට 2.5 කින් වැඩි වූ බව ABS වාර්තා කරයි.

ලොව බලවත්ම පුද්ගලයන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්

ටයිම්ස් සඟරාව මගින් නම් කර ඇති ලෝක‍යේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ද ඇතුළත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වලදී පිළිකාවට ගොදුරු වූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය ජනතාවගේ සහාය ඉල්ලයි

මහජන සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිමට මෙල්බන් වෙත පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය නිලධාරිනියක් වූ ඔෂිකා විජයගුණරත්න අවාසනාවන්ත ලෙස පිළිකාවකට ගොදුරු වී තිබෙනවා.

Read More »

උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති අද ශ්‍රී ලංකාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

Read More »