
ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්සේවා ඉදිරියේ දී ලබන අප්‍රේල් මස සිට තවදුරටත් පුලුල් කිරීම සම්බන්දයෙන් රජයේ අවදානය යොමුව තිබෙනවා.
ඒ අනුව ලබන අප්‍රේල් පළමුවනදායින් පර්ත් සිට ඇඩිලේඩ් දක්වා සෘජු පියාසර කිරීම් වාර ආරම්භ කිරීමට නියමිතයි.
එසේම එම සේවා යටතේ නැවත අඩිලේඩ් සිට පර්ත් දක්වා පැමිණිමට අදාළ ටිකට් පත් දෙකම ඩොලර් 1754ක මිලය වෙන්කරවා ගැනීමට හැකියාව පවතිනවා

පර්ත් සිට ඇඩිලේඩ් දක්වාවූ දුර ප්‍රමාණය කිලෝමීටර 2694 පමණ වන අතර ඉතා පහසු මිල ගණන් යටතේ අභ්‍යන්තර ගුවන් සේවා සහය ලබා ගැනීමට ඔබට අවස්ථාව හිමිවනු ඇති.
මේ අතර පර්ත සිට ලන්ඩන් බලා සෘජු දිගු දුර සේවා ආරම්භ කිරීමට නියමිත අතර පහසුදායි මිලගණන් යටතේ මගීන් සඳහා ටිකට්පත් ලබා දීම ගැනද අවදානය යොමුව තිබෙනවා.

ලබන අප්‍රේල් 2වනදා සිට 9 වනදා දක්වා මෙම අභ්‍යන්තර ගුවන් සේවා භාවිත කිරීමට සඳහා දැනටමත් මගීන් ටිකට්පත් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.