Search

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි තුන්වන චාර්ල්ස් රජුට පිළිකා අවදානමක්

එක්සත් රාජධානියේ තුන්වන චාර්ල්ස් රජු පිළිකා තත්ත්වයක් සඳහා ප්‍රතිකාර අරඹා ඇතැයි බකිංහැම් මාලිගය පවසනවා.

ඔහුගේ පුරස්ථි ග්‍රත්ථියෙහි විශාල වීමක් පිළිබඳ මීට පෙර කරන ලද වෛද්‍ය පරීක්ෂණවලින් සොයාගෙන තිබුණ බව ද ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පිළිකා තත්ත්වය දැනගෙන ඇති බව ද බකිංහැම් මාලිගය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එසේ වුවද නිශ්චිත වශයෙන් පිළිකා වර්ගය අනාවරණය වී නොමැති අතර ප්‍රතිකාර ඉතා සාර්ථකව සිදුකෙරෙන බව සදහන්.

මේ වන විට ප්‍රතිකාර කටයුතු ආරම්භ වී ඇති අතර ප්‍රතිකාර අතරතුර මහජන එකරාශීවීම් රාජකාරි කල් දමන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර ප්‍රතිකාර ඉතා සාර්ථකව සිදු කෙරෙන බැවින් හැකි ඉක්මනින් සම්පූර්ණ රාජ්‍ය රාජකාරියට ආපසු සහභාගි වීමට බලාපොරොත්තු වන බවද සදහන්.

මෙලෙස රජු අසනීප තත්වය හේතුවෙන් රාජකාරී සදහා විරාමයක් තැබුවද, රජතුමා ලේඛන කටයුතු සහ පුද්ගලික රැස්වීම් ඇතුළුව රාජ්‍ය නායකයා ලෙස ඔහුගේ ව්‍යවස්ථාපිත භූමිකාව දිගටම කරගෙන යනු ඇති බව බකිංහැම් මාලිගය පවසනවා.

එලෙස රාජකාරි කටයුතු සම්පූර්ණයෙන්ම නවතන ලෙසට වෛද්‍යවරුන් උපදෙස් ලබා දී නොමැති අතර අසනීප තත්වය රාජ්‍ය පාලන කටයුතු වලට බලපෑම් නොවන බවද සදහන්.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »