ඔස්ට්‍රේලියාවේ වයින් අපනයන සියයට 3කින් පහතට

ඔස්ට්‍රේලියාවේ වයින් අපනයන සියයට 3කින් පහත වැටී තිබෙනවා.

අපනයන සමාගම් පෙන්වා දෙන්නේ මෙම පාඩුවඩොලර් බිලියන 1.9ක් වන අතර එය වයින් ලීටර් මිලියන 607ක පාඩුවකට සමාන බවයි.

කෙසේ වෙතත් හොංකොං සහ සිංගප්පූරු වෙලඳපොලවල් අතර ඔස්ට්‍රේලියානු වයින් සදහා වැඩි ප්‍රමුඛතාවක් දක්වන බව සදහන්.

මේ වන විට ඔස්ට්‍රේලියානු වයින් අපනයනය සඳහා චීනය පනවා තිබූ තීරුබදු ඉවත් කිරීම ගත් තීරණය හමුවේ 2024 වසර වයින් කර්මාන්තයට යම් බලාපොරොත්තුවක් ගෙන දෙන බවද කාර්මාන්ත හිමියන් පවසනවා.

ඔස්ට්‍රේලියානු වයින් සඳහා අපනයන වෙලඳපොලවල් 112ක් පමණ පවතින අතර ඉන් 44ක් පෙර වසර වලට සාපේක්ෂව වැඩි අගයක් ආනයනය කර ඇති බවද සදහන්.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »