මෙල්බන්හි තට්ටු 57ක ගොඩනැගිල්ලක් තරනය කළ පුද්ගලයා සම්බන්ධව පරීක්ෂණයක්

මෙල්බර්න් හි මහල් 57 කින් යුතු ගොඩනැගිල්ලක් කිසිදු ආදාරකයකින් තොරව තරණය කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.

අද උදෑසන 7ට පමණ ඔහු ගොඩනැගිල්ල නැගීම ආරම්භ කර උදේ 8 ට වන විට ගොඩනැගිල්ලේ මුදුනට ගොස් ඇති අතර එහිදි ඔහු පොලිසිය සහ ගිනි නිවන සහ ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලය විසින් නැවත පහළට ගෙන්වා තිබෙනවා.

ඩ්‍රෝන යානයක් භාවිත කරමින් සිද්ධිය රූගත කරමින් සිටි තවත් පුද්ගලයෙකු ප්‍රකාශ සටහන් කරවා ගැනීම සදහා පොලීසිය වෙත රැගෙන ගොස් ඇති බව සදහන්

මෙලෙස මීටර් 180 පමණ උස ගොඩනැගිල්ල තරනය කර ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කදු තරනය කරන්නෙක් බවද සදහන්

කෙසේ වෙතත් මෙලෙස අවදානම් සහිත ගොඩනැගිල්ලක් කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකර තරනය කිරීම අනතුරුදායක වන බැවින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ඉදිරි විමර්ෂණ සිදු කරනු ඇති

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »