
ඔස්ට්‍රේලියාවේ ගෘහාශ්‍රිත Solar පද්ධති වලට සම්බන්ධ ලිතියම් අයන් බැටරි ගිනි ගැනීමට ලක්වීමෙන් සිදුවූ අනතුරු සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා.
මෙලෙස solar පද්ධතියට සවිකර ඇති අනාරක්ෂිත ලිතියම් බැටරී අධික ලෙස රත් වී ගිනිගැනීමේ අවධානමකට ලක්ව තිබුණා.
පාරිභෝගික කොමිසමේ නිර්දේශයකින් පසුව බලපෑමට ලක්වූ බැටරි යළි කැදවීමටද පියවර ගෙන තිබුණා.

අනාරක්ෂිත බැටරි හේතුවෙන් ගිනිගැනීම 13 ක් වාර්ත්වී ඇති අතර එමගින් දේපලවලටද හානි සිදුව තිබුණා.
මෙලෙස අනාරක්ෂිත බැටරි ආපසුකැදවීමට අදාළ 2021 වසරේ සිට දැනුම් දී ඇති අතර එළෙස කැදවීමට ලක් නොකල භාවිත කල සෝලා පද්ධතිමෙලෙස බලපෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

බලපෑමට ලක්වූ බැටරි මොනවාද යන්න ඇතුළත් අංක නාමාවලියන් මේ වන විටත් නිකුත් කර ඇති අතර එම ලැයිස්තු පිරික්සීමට ලක්කර තම solar පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙස ජනතාවට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.
බලපෑමට ලක් වූ බැටරියක් ඇති ඕනෑම අයෙකුට අනුක්‍රමික අංකය අනුව, ගැටලුව විසඳීමට මුදල් ආපසු ගෙවීමක්, ප්‍රතිස්ථාපනයක් හෝ මෘදුකාංග යාවත්කාලීන කිරීමට පාරිභෝගිකයින්ට හැකියාව පවතිනවා.