
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වැඩි අගයක් දක්වා ඉහළ යා හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.
ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්ත වන නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියානු අගනුවර, උතුරු ප්‍රදේශය සහ බටහිර ඕස්ට්‍රේලියාව සඳහායි කාලගුණ අංශ විසින් තාප තරංග අනතුරු ඇඟවීම් ලබා දී ඇත්තේ.
එල්නිනෝ කාලගුණ රටාවක් තුළ ලැව්ගිනි අවදානම ඉහළ යන බවට ප්‍රකාශ කර ඇති අතර ඉරිදා ඕස්ට්‍රේලියාවේ විශාල ප්‍රදේශයකට තාප තරංගයෙන් බලපෑම් සිදුවී තිබෙනවා.

El Nino යනු අසාමාන්‍ය ලෙස උණුසුම් වන පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සුළි සුළං, නියඟ, ලැව්ගිනි සහ තාප තරංග වැනි සංසිද්ධි සමඟ සම්බන්ධ වන දේශගුණික රටාවක්.
සිඩ්නි හි බටහිර ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ක් ලෙස පුරෝකථනය කර ඇති අතර එය පෙබරවාරි මාසයේ අපේක්ෂිත ප්‍රමාණයට වඩා අංශක 10 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාමක් ලෙස සැලකෙනවා.

තද සුළං සමඟ පවතින උණුසුම් වියලි තත්වයන් හමුවේ වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තවලට ගිනි ගැනීම් අවදානම් අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණා.