Search

Messi නොමැති නිසා පාපන්දු තරගයක් උණුසුම් වෙයි

හොංකොං හි පැවති පාපන්දු තරඟයකට ලියෝනල් මෙසී ක්‍රිඩා කිරීමෙන් වැලකීම හේතුවෙන් ක්‍රීඩා ලෝලීන් අතර උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

සුපිරි පාපන්දු ශුරයා එම තරගයට ක්‍රීඩා කිරීමෙන් වැළකී සිට ඇත්තේ මස්පිඩු ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

40,000කට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ගෝල 4-1ක් ලෙස දේශීය ලීග් කණ්ඩායම පරාජයයට පත් වීමත් සමග ඔවුන් ප්‍රකෝපකාරීව හැසිරී තිබෙනවා.

මියාමි පාපන්දු කණ්ඩායමේ සම හිමිකරු ඩේවිඩ් බෙකම්ගේ ස්තුති කතාව ද ක්‍රීඩා ලෝලීන්ගේ ඝෝෂාව හමුවේ නිසි පරිදි ශ්‍රවණය වී නොමැති අතර ප්‍රේක්ෂකයින් ඝෝෂා කරමින් තම මුදල් ආපසු ඉල්ලා ඇතැයි සඳහන්.

මෙසී මෙම තරගයට ක්‍රීඩා නොකිරීම සම්බන්ධයෙන් හොංකොං රජය මෙන්ම පාපන්දු ලෝලීන්ද සංවිධායකයින්ගේ වැඩපිළිවෙල පිළිබඳව අතිශයින් කලකිරී සිටින අතර සංවිධායකවරයා සියලුම පාපන්දු ලෝලීන්ට පැහැදිලි කිරීමක් කළ යුතු බවයි රජයේ ප්‍රධාන ක්‍රීඩා කමිටුව පවසා ඇත්තේ.

මෙසී මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර දෙසැම්බර් මාසයේදී මියාමි පිලට එක්වූ උරුගුවේ ප්‍රහාරක ලුයිස් සුවාරෙස් ද දණහිසේ ආබාධයක් හේතුවෙන් තරගයට සහභාගී වී නැහැ.

තරගයේ දෙවන අර්ධයේදී, ලයනල් මෙසී තරගයට සහභාගී නොවීම පිළිබඳව ප්‍රේක්ෂකයින් දිගටම ඝෝෂා කර ඇති අතර, ආධාරකරුවන්ට ස්තූති කිරීමට උත්සාහ කළ ඩේවිඩ් බෙකම්ට ද බාධා කර තිබෙනවා.

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් තරග සංවිධායකයින් පවසා ඇත්තේ, තරගය ආරම්භ කිරීමට පෙර මෙසී හෝ සුවාරෙස් සහභාගී නොවීම පිළිබඳව තමන්ට කිසිදු තොරතුරක් නොලැබුණු බවයි.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »