Search

වික්ටෝරියානු ප්‍රාන්ත රජය නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දේශ සීමා ලිහිල් කිරීම පිළිබඳව සලකා බලයි!

වික්ටෝරියානු ප්‍රාන්ත රජය නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දේශ සීමා ලිහිල් කිරීම පිළිබඳව සලකා බලයි!

වික්ටෝරියානුවන් බොහෝ පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැඩි අවදානම් කලාප (Red Zone) තුල සිරවී සිටින බැවින් ඉතා ඉක්මණින් සිය දේශ සීමා ලිහිල් කර ඔවුනට නැවත තම නිවෙස් කරා පැමිණීමට ඉඩ සලසන බවට ඊයේ පැවති මාධ්‍ය හමුවක දී වික්ටෝරියානු අගමැති Daniel Andrews පැවසීය​.

වික්ටෝරියානු රජයේ නව බලපත්‍ර ක්‍රමය යටතේ වික්ටෝරියානුවන් දහස් ගණනක් නිව් සවුත් වේල්ස් හි සිරවී සිටින්නේ ඔවුන් රතු කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවල සිටින බැවිනි. ඔවුන්ට ආපසු යා හැක්කේ වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන්ගෙන් විශේෂ නිදහස් කිරීමක් සිදු කලහොත් පමණි.

වික්ටෝරියානු අගමැති Daniel Andrews මෙම පනවා ඇති සීමාවන් අඩු කර ඉතා ඉක්මණින් වික්ටෝරියානුවන් ගෙන්වා ගැනීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන අතර නැවත පැමිණිය නොහැකි වික්ටෝරියානුවන්ට අනුකම්පා කරන බව පැවසීය.

වික්ටෝරියානු ජාතිකයන් දහස් ගණනක් අන්තර් ප්‍රාන්ත​ හා විදේශයන්හි අතරමංව සිටින අතරේ එය නොතකා ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය පැවැත්වීම පිළිබඳ නොයෙකුත් මතවාද දිගින් දිගටම පැවතුණි. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට සහභාගී වීමට නියමිත තරඟකරුවන් නිරෝධායනය ආරම්භ කිරීම සඳහා බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙල්බර්න් නුවරට පැමිණේ.

 

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »