ඩොලර් මිලියන 45ක කොකේන් තොගයක් දකුණු ඔස්ට්‍රේලියාවෙන් හමුවෙයි

ඩොලර් මිලියන 45ක වටිනාකමිකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු දකුණු ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනායනික සුඛෝපබෝගී බස් රථවල සූක්ෂම ලෙස සගවා මෙම මත්ද්‍රව්‍ය තොගය විදේශයකින් මෙරටට ගෙන්වා ඇති බවයි.

දකුණු ඔස්ට්‍රේලියාවෙන් හමුවු දෙවන විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි පොලීසිය සදහන් කළේ.

ඒ අනුව කොකේන් කිලෝග්‍රෑම් 139 ක් සමග අවුරුදු 19 සහ 22 යන වයස්වල පසුවන වික්ටෝරියානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ රහස් පරීක්ෂක මෙලින්ඩා ඇඩම් සදහන් කළේ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවීමෙන් සිදුවීමට ගිය විශාල සමාජ අනතුරක් වලක්වා ගැනීමට හැකිවු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරුවන් ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවනු ඇති.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »