Search

උස පැනීම් ශූර උෂාන් තිවංකගෙන් ඇමරිකාවේ දි තවත් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ උස පැනීමේ ශූර උෂාන් තිවංක ටෙක්සාස් හී පැවති තරගාවලියකදී ගෘහස්ත තරගවාරය අරඹමින් මීටර් 2.20ක දක්ෂතාවක් දක්වා තිබෙනවා.

Texas A&M Track & Field නිල face book ගිණුමේ සටහනක් තබමින් උෂාන්ගේ ආගමනය Return of the king ලෙස දක්වා තිබුණා.

Texas A&M Charlie Thomas Invitational මළල ක්‍රීඩා ශූරතාවලියේ උස පැනීමේ ඉසව්ව ජය ගනිමින් උෂාන් දක්වන ලද දක්ෂතා අගයමින් මෙලෙස සටහනක් තබා තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික වාර්තාව වන මීටර් 2.30 හී හිමිකරුවා වන උෂාන් එහිදී දක්වන ලද දක්ෂතාවය වූයේ මීටර් 2.20ක්.

Texas A&M Track & Field හී ක්‍රීඩකයෙක් උස පැනීමේ ඉසව්වෙන් පෑ හොඳම හයවන වාර්තාව මෙයයි.