ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස ගැටලුව විසඳන්න නව නීති

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස අර්බුදය විසඳීම සඳහා නව පියවර කිහිපයක් ගැනීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය නිවාස අර්බුදයකට මැදිව සිටින අතර කුලී නිවැසියන් සහ නිවාස හිමිකරුවන් පවසන්නේ ඉහළ කුලී ගාස්තු සහ දිනෙන් දින ඉහළ යන උකස් පොලී හමුවේ පීඩාවට පත්ව සිටින බවයි.

මෑත දිනවලදී, ක්වීන්ස්ලන්ත රජය දැරිය හැකි මිල සහ නිවාස සැපයුම පිළිබඳ අර්බුද විසඳීම සඳහා නිවේදන ගණනාවක් නිකුත් කර තිබුණා.

නව බැඳුම්කර යෝජනා ක්‍රම, කුලී ලංසු තැබීම තහනම් කිරීම ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධාන වෙනස්කම් කිහිපයකට අයත්.

කුලී අයදුම්පත් සඳහා ප්‍රමිතිගත පෝරමයක් භාවිතා කිරීමෙන් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම, දේපල වෙනස් කිරීම් සඳහා දෙපාර්ශවයටම එකඟ වීමේ නීති නිර්මාණය කිරීම, කුලී ගෙවීමට ගාස්තු රහිත විකල්පයක් ක්‍රියාත්මක කිරීම සහ ගාස්තු කඩිනමින් ලැබෙන බව සහතික කිරීම ද නව සංශෝධනවලට අයත්.

කුලී නවාතැන් ලබා ගන්නන් වෙනුවෙන් චර්යාධර්ම පද්ධතියක් පිහිටුවනු ලබන අතර එමගින් කුලීකරුවන්ගේ අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂිතයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කුලී නීති සංශෝධන මගින් ගෘහස්ථ හිංසනයට ගොදුරු වූවන්ට ද උපකාර වන බව සඳහන්.

වත්මන් නීති මගින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අත්විඳින කුලී නිවැසියන්ට හිමිකරුගේ අනුමැතියකින් තොරව දේපලක අගුලු වෙනස් කිරීමට ද ඉඩ සැලසෙනු ඇති.

නිවාස අමාත්‍යවරයාගේ කාර්යාලය පැවසුවේ, වසරේ මුල් භාගයේදී හඳුන්වා දීමට නියමිත මෙම කුලී නීති ප්‍රතිසංස්කරණයට අදාල කටයුතු සිදු වෙමින් පවතින බවයි.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »