චිලී රාජ්‍යයේ ලැව්ගිනි මරණ 100ට ළංවෙයි

චිලි රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ ලැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 100කට ආසන්න වී තිබෙනවා. මේ වන විට මරණ 99ක් තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලැව් ගිනි තත්වය හමුවේ චිලි ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කළ අතර මෙම ගැටලුකාරී තත්වය විසඳීම සඳහා අවශ්‍ය සියලු සම්පත් ලබා දෙන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ලැව් ගිනි චිලි රාජ්‍යයේ වාර්තා වූ මාරාන්තික ලැව් ගින්න ලෙසට සැලකෙන අතර පීඩාවට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙකු ගිම්හාන නිවාඩු කාලය හමුවේ වෙරළබඩ කලාපයට ගිය අය බව සඳහන්.

චිලි රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

තෝරාගත් සැත්කම් අත්හිටුවන ලෙසට සහ තාවකාලික රෝහල් පිහිටුවීමට සැලසුම් කරන ලෙසටයි අමාත්‍යාංශය ඉල්ලා සිටියේ.

අධ්‍යයන කටයුතු අවසන් වීමට ආසන්නව සිටින වෛද්‍ය සිසුන් සෞඛ්‍ය සේවයේ පවතින වත්මන් පීඩනය ලිහිල් කිරීමට බඳවා ගන්නා බව ද එම අමාත්‍යාංශය නිවේදනය කළා.

ගලවා ගැනීමේ සේවාවන් දැඩි ලෙස විපතට පත් ප්‍රදේශවලට ළඟා වෙමින් සිටින අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරොලිනා ටෝහා පැවසුවේ ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි.

ලැව්ගිනි ඇති ප්‍රදේශවලට නොයන ලෙස චිලී රජය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »