Energy Drinks මගින් ළමා මානසික සෞඛ්‍යට දැඩි අවදානමක්

වෙළඳපලෙහි අලෙවිය සඳහා ඇති ශක්තිජනක බීම වර්ග, (Energy Drink)පානය කරන නව යොවුන් වියේ පසුවන ළමුන් මානසික ආබාධවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

ඉහළ කැෆේන් සහිත බීම පානය කිරීමෙන් ලිංගාශ්‍රිත රෝග, කාංසාව, මානසික අවපීඩනය සහ වෙනත් ආබාධවලින් නව යෞවනවන් පිඩා විදින බවයි තහවුරු වී ඇත්තේ.

ශක්තිජනක බීම තරුණ මොළයේ ක්‍රියාකාරීත්වයට අවදානමක් විය හැකි අතර සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතුළු මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවද සදහන්

අදාළ පර්යේෂණය සඳහා රටවල් 21කට වැඩි සංඛ්‍යාවක ශක්තිජනක පාන පරිභෝජනය කළ මිලියන 1.2 කට අධික ළමුන් සහ තරුණයින් මේ සඳහා යොදා ගෙන තිබුණා.

බ්‍රිතාන්‍ය පර්යේෂණ කණ්ඩායමක් විසින් අධ්‍යයන වාර්තා නිකුත් කිරීමත් සමග වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට ශක්තිජනක බීම විකිණීම තහනම් කරන ලෙස සෞඛ්‍ය සංවිධාන රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

energy drinksඑසේත් නැතිනම් ශක්තිජනක පාන මිලදී ගත හැකි වයස් සීමාවක් නිර්දේශ කරන ලෙසද විවිධ පාර්ෂව ඉල්ලීම් කර තිබෙනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »