විද්‍යුත් මෝටර් රථ භාවිතය හමුවේ මතුවන ගැටලුවක් ගැන අවධානය

ඔස්ට්‍රේලියාවේ විද්‍යුත් මෝටර් රථ භාවිතය ඉහළ යාමත් සමග මතුවන නව ගැටලුවක් පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අදාළ විද්‍යුත් වාහන ආරෝපණය කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින යන්ත්‍ර ඇතුලත් ප්‍රමාණවත් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම වෙනුවෙන්.

ආරෝපණ මධ්‍යස්ථානයකට පැමිණෙන විදුලි මෝටර් රථ හිමියන් අත්විඳින ගැටළුවක් වී ඇත්තේ ආරෝපණ යන්ත්‍ර ක්‍රියා විරහිත වීම නැතහොත් ක්‍රියාකාරීව ඇති එකම චාජරය භාවිතා කිරීමට දිගු පෝලිමක් තිබීමයි.

ඕස්ට්‍රේලියා විදුලි වාහන සංගමයේ සභාපති ක්‍රිස් ජෝන්ස් පෙන්වා දෙන්නේ විද්‍යුත් වාහන අලෙවිය අඛණ්ඩව වර්ධනය වන බැවින් ක්‍රියාකාරී තත්වයේ නොමැති ආරෝපණ යන්ත්‍ර පැවතීම ප්‍රධාන ගැටලුවක් බවයි.

විද්‍යුත් ආරෝපණ පහසුකම් දුරස්ථව පවතින කලාපීය ප්‍රදේශවල මෙම තත්වය විශේෂයෙන් කැපී පෙනෙනවා.

ඇතැම් පුද්ගලයන් පෙන්වා දෙන්නේ ආරෝපණ යටිතල පහසුකම් වඩාත් තහවුරු වන තෙක් විදුලි මෝටර් රථයක් මිලදී ගැනීම පිළිබඳ නැවත සලකා බැලීමට සිදුවන බවයි.

මුදල් ඉතිරි කර ගැනීම සඳහා ඉන්ධන දහන එන්ජිම භාවිතා කිරීමෙන් වැළකී සිටින රියදුරන්ට ආරෝපණ ජාලය මත පවතින අවිශ්වාසය හමුවේ ඊට යොමුවීමට සිදුවී තිබෙනවා.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »