අධිවේගී මාර්ගයක නාඳුනන මළ සිරුරක්

නිව් සවුත් වේල්ස් හි උතුරු වෙරළ තීරයේ චින්ඩරා අසල අධිවේගී මාර්ගයක තිබී මළ සිරුරක් සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සඳුදා අලුයම 5.30ට පමණ ගුවන් පාලම ආසන්නයෙන් හමුවූ මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් පවත්වනු ලබන අතර මෙය වාහනයක ගැටී සිදු වූ අනතුරක් බවට ද සැක කෙරෙනවා.

අනතුර සිදුවීමෙන් පසු එය වාර්තා නොකර මළ සිරුර දමා සැකකරුවන් පලා යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මෙම අබිරහස් මරණයට අදාළව තොරතුරු හෝ ඩෑෂ්කැම් වීඩියෝ දර්ශන ඇති ඕනෑම අයෙකුට විමර්ශනවලට අදාළව පොලිසිය දැනුවත් කරන ලෙසට ද ඉල්ලීමක් කෙරෙනවා.

මෙම සිද්ධිය හේතුවෙන් අධිවේගී මාර්ගයේ දකුණු දෙසට දිවෙන සියලුම මංතීරුවල ගමනාගමනය තාවකාලිකව වෙනත් මංතීරු වෙත යොමු කරවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »