70 හැවිරිදි කාන්තා ඝාතනයට 15 හැවිරිදි පිරිමි ළමයෙක් අත්අඩංගුවේ

සාප්පු සංකීර්ණයක දී වයස්ගත කාන්තාවකට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ත පොලිසිය වයස අවුරුදු 15ක පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සති අන්තයේ 70 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සැකකාර පිරිමි ළමයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු ඉරිදා රාත්‍රී 9:30 ට පමණ ඉප්ස්විච් පොලිස් ස්ථානයට පැමිණීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති අතර සොරකම් කළ මෝටර් රථයක් නීති විරෝධී ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.

පසුගිය සෙනසුරාදා ඉප්ස්විච් හි සාප්පු සංකීර්ණයක දී හය හැවිරිදි මිනිබිරිය ද බලා සිටියදී මෙම වයස්ගත කාන්තාව ඝාතනය කර තිබුණේ මංකොල්ලකෑමක් සඳහා බවටයි හෙළිවී ඇත්තේ.

පොලිසිය අවධාරණය කළේ මෙම ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න නිශ්චිතව හෙළිකර ගන්නා තෙක් 24පැය පුරා පරීක්ෂණ සිදු කරන බවට සහතික වන බවයි.

පිහි ඇනුම සිදු වූ ස්ථානයේ සීසීටීවී දර්ශනවලට අනුව තවත් පුද්ගලයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

මිත්තණියගේ ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් පිරිමි 15 හැවිරිදි පිරිමි ළමයා අද ඉප්ස්විච් හි ළමයින් සඳහා වන අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »