අපනයනයට නැව්ගත කළ සතුන්ගේ ඉරණම ගැන ගැටලුවක්

බටහිර ඔස්ට්‍රේලියාවේ නෞකාවක අපනයනයට සූදානම් කර තිබූ බැටළුවන් ඇතුලු සත්වයින් ගණනාවක් මිය යාම සහ ඉතිරිව සිටින සත්වයින් බේරා ගැනීම වෙනුවෙන් ඔස්ට්‍රේලියා රජය අරගලයක නිරත වනවා.

නෞකාවේ ඉතිරිව සිටින දහස් ගණනක් වන සත්වයන්ගේ ඉරණම සම්බන්ධයෙන් ෆෙඩරල් රජය ගැටලුකාරී තත්වයකට මුහුණදී ඇති බවයි වාර්තා වන්නේ.

MV බහිජා නෞකාව බැටළුවන් සහ ගවයින් 15,000 කට වැඩි ප්‍රමාණයක් ජෝර්දානය වෙත ප්‍රවාහනය කරමින් සිටියදී රතු මුහුදේ පවතින ආරක්ෂක ගැටළු මත එයට යළිත් ඔස්ට්‍රේලියාවට යාමට පසුගිය මාසයේ නියෝග කෙරුණා.

ඒ අනුව නෞකාව සඳුදා ෆ්‍රෙමැන්ටල් වෙරළට ළඟා වූ අතර නැවේ සිටින සතුන් ප්‍රතිඅපනයනය කරන්නේද යන්න පිළිබඳව කෘෂිකර්ම, ධීවර හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් තීරණයක් ගෙන නොමැති බව සඳහන්.

අපනයනකරුගේ ඉල්ලීම පරිදි සිකුරාදා MV බහිජා නෞකාවෙන් පිටතට ගත් ගවයින් සිය ගණනින් මිය ගොස් ඇති බවයි දෙපාර්තමේන්තුව තහවුරු කළේ.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනී බෙත් කුක්සන් ඉරිදා සඳහන් කළේ සතුන් කොපමණ සංඛ්‍යාවක් මිය ගියේ ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි අතර මරණ අනුපාතය අඩු බවයි.

ලියාපදිංචි පශු වෛද්‍යවරයකු යාත්‍රාවේ සිටීම අවශ්‍ය වන අතර ඔවුන් සතුන් සම්බන්ධයෙන් දිනපතා වාර්තා සපයන බවයි ඇය කියාසිටියේ.

සතුන්ගේ මරණවලට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »