මෝටර් රථ අලෙවියටත් නව නීති හඳුන්වාදීමට සැලසුම්

ඔස්ට්‍රේලියාවේ අලෙවි කෙරෙන නව මෝටර් රථ වෙනුවෙන් ඉන්ධන කාර්යක්ෂමතාවලට අදාළ ප්‍රමිතීන් සකස් කිරීම සඳහා ෆෙඩරල් රජය විසින් නීති හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

නව ප්‍රමිතීන් යටතේ පාරිභෝගිකයින්ට ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් වැඩි වාහන සැපයීමට මෝටර් රථ සමාගම්වලට සිදු වනු ඇති.

චීනය, ඇමරිකා එක්සත් ජනපදය, නවසීලන්තය සහ යුරෝපා සංගමය වැනි ඉන්ධන කාර්යක්ෂමතා ප්‍රමිතීන් නොතිබීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව සැලකෙන්නේ අකාර්යක්ෂම වාහන බැහැර කරන ස්ථානයක් ලෙසටයි.

ෆෙඩරල් රජය විසින් හඳුන්වා දීමට නියමිත නව ප්‍රමිතීන් අදාළ වන්නේ නව මගී වාහන සහ සැහැල්ලු වාණිජ වාහන සඳහා පමණක් බව සඳහන්.

රජය මේ සම්බන්ධයෙන් 2024 පළමු භාගයේදී නීති සම්පාදනය කිරීමට බලාපොරොත්තුවන බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

මෙම නව ප්‍රමිතීන් හඳුන්වා දීම පාරිභෝගිකයින්ට වාසිදායක තත්වයක් වන අතර එමගින් ඔවුන්ට වාහනයක් මිලදී ගැනීමේදී තෝරා ගැනීම වෙනුවෙන් වැඩි වාහන ප්‍රමාණයක් ලැබෙනු ඇති බවට මත පලවනවා.

නව නීති සම්පාදනය මගින් 2028 වසර වන විට රියදුරන්ට ඉන්ධන සඳහා වාහනයකට ඩොලර් 1000 ක් ඉතිරි කර ගත හැකි බවයි අනාවැකි පළ වන්නේ.

හඳුන්වා දෙන ප්‍රමිතීන් සපුරාලීමට නොහැකි අය සඳහා දඩ මුදල් ඇතුළත් වන නීති සම්පාදනය කිරීම වෙනුවෙන්ටර් රථ නිෂ්පාදකයින් එකඟ වනු ඇති බවට දේශගුණික විපර්යාස අමාත්‍ය ක්‍රිස් බෝවන් විශ්වාසය පළ කරනවා.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »