වික් ටෝරියා ප්‍රාන්තයේ කිල්කුණ්ඩා වෙරළතිර්‍යේ සැඩපහරකට හසුව ගසාගෙන ගමින් සිටි තිදෙනෙකු බේරා ගැනීමට ජීවිතාරක්ෂක අංශ සමත්ව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කුඩා ළමුන් දෙදෙනෙකු හා වැසිහිටි පුද්ගලයෙක්.
ගලවා ගැනීමේ මෙහෙයුම් වලින් අනතුරුව තිදෙනා රෝගල්ගත කර ඇති අතර වැඩිහිටි පුද්ගලයාගේ තත්වය බරපතල බව සදහන්.
ඔස්ට්‍රේලියාවේ බොහො ප්‍රාන්තවලට බලපෑ ඇති අධික උෂ්ණතවයත් සමග ජනතවා වෙරළ උද්‍යාන වෙත යොමු වන අතර ආරක්ෂාකාරී නොවන ස්ථාන වලින් ජලයට බැසීමෙන් සිදුවන හානි ඉහළ ගොස් තිබෙනවා.
ජිවිතාරක්ෂක අංශ වැඩිදුරටත් දන්වා ඇත්තේ මේ දින වල වෙරළ කලාප ආශ්‍රිත අනතුරු බහුලව සිද්‍ය්වන අතර ජනතාව හැකිතාක් ආරක්ෂිත ස්ථාන වලින් පමණක් වෙරළට බැසීම සිදු කල යුතු බවයි.
කිල්කුණ්ඩා වෙරළතීරය Philip Islanda හා යාබදු වෙරළතීරයක් වන අතර වසර 20කට ආසන්න කාලයක් තුළ ප්‍රාන්තයේ සිදුවු දරුණුතම අනතුර පසුගියදා වාර්තා වුණා.
ඒ ඉන්දීය සංචාරකයින් 4දෙනෙක් මුහුදට බිලිවීමේ සිද්ධියත් සමගයි.