Search

රාජකාරී වේලාවෙන් පසු අමතර වැඩ පවරන ඔස්ට්‍රේලියානූ ප්‍රධානීන්ට මොකද වෙන්නේ?

රැකියා ස්ථානයේ නියමිත සේවා කාලයට අමතරව තවඳුරටත් සේවය කිරීමට බලකරනු ලබ ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් දැනුම් දෙන්නැයි කාර්මික සබඳතා අමාත්‍ය ටෝනි බර්ක් පවසනවා.

ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ පනතක් ඉදිරියේ දී සම්මත කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ඉදිරියේ දී සේවා යෝජකයන්ට වැඩ කරන වේලාවෙන් පිටත සේවකයින් සම්බන්ධ කර ගැනීමේ හැකියාව වලකිනු ඇති.

Right to disconnect ලෙස නව අයිතිවාසිකමක් ව්‍යවස්ථාපිත කිරීම කඩිනමින් සිදු කරන බව ද කාර්මික සබඳතා අමාත්‍ය ටෝනි බර්ක් පවසනවා.

අමතර සේවා කාලය සඳහා මුදල් ගෙවීමකින් තොරව ශ්‍රමය ලබා ගැනිම පුද්ගල අයිතිවාසිකම් වලට බාධාවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සේවා යෝජකයින්ට තම සේවකයින්ට වැඩකරන නියමිත වේලාව තුළ ඔනෑම අවස්ථාවක දුරකතන ඇමතුමක් හෝ ඊ මේල් පණිවුඩයක් යැවීමේ හැකියාව පැවතින අතර රාජකාරී වේලාවෙන් පිටත ඒ සඳහා පිළිතුරු අපේක්ෂා කළ නොහැකි බව සඳහන්.

සේවකයින් සඳහා තෘප්තිමත් සේවාවක් ඉටු කිරීමේ අයිතිය සපුරාලීම සඳහා මෙම පියවර ගත් බවයි කාර්මික සබඳතා අමාත්‍ය ටෝනි බර්ක් වැඩිදුරටත් සඳහන් කළේ.



නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »