ඔස්ට්‍රේලියාවේ ගෘහාශ්‍රිත වියදම දෙගුණයකින් ඉහළට

උද්ධමනය මන්දගාමී අගයක පැවතිය ද ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය ආතතිය තවදුරටත් එළෙසම පවතින බව ආර්ථික විශේෂඥයින් පවසනවා.

පවතින ඇඩී ජීවන අර්බුධයත් සමග ඔස්ට්‍රේලියානුවන් තවදුරටත් තම අත්‍යවශ්‍ය දෑ කපාහරිමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය රටේ ආර්ථිකයට පමණක් නොව සාමාජීය සහ සෞඛ්‍ය යන අත්‍යාවශ්‍ය අංග රැසකටම සෘජුව බලපාන බව සඳහන්.

නවතම ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සටහන්ව ඇත්තේ 4.1ක් ලෙසයි.

උද්ධමනයට සාපේක්ෂව ආහාර සදහා වියදම සියයට 4.5කින් ද නිවාස  මිල 6.1කින් ද විදුලිය සඳහා සියයට 6.9කින්ද අමතව පිරිවැයක් දැරීමට සිදුවන බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියානු ගෘහාශ්‍රිත ඉපැයීමට සාපේක්ෂව වියදම දෙගුණයකින් ඉහළ ගොස් තිබීම බරපතල මූල්‍ය අර්බුධයක් ලෙසයි ආර්ථික විශේෂඥයින් සඳහන් කර ඇත්තේ.

 

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »