
විද්‍යුත් මෝටර් රථ භාවිත කරන මෝටර් රථ හිමියන්ට වාර්ෂිකව ඩොලර් 3400ක මුදලක් ඉතිරි වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු මාර්ගවල ධාවනය වන විද්‍යුත් මෝටර් රථ 650කට අධික ප්‍රමාණයක ඉන්ධන පිරිවැය විශ්ලේෂණය කරමින් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.
ඒ අනුව ඔස්ට්‍රේලියානු මෝටර් රථ සංගමය විසින් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර පෙට්‍රල් වාහන භාවිත කරන මෝටර් රථ හිමියන්ගේ සාමාන්‍ය පිරිවැය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඉන්ධන සඳහා වැය වන ගෘහ ආ’ශ්‍රිත පිරිවැය තවදුරටත් ඉහළ ගොස් ඇති බව සඳහන්.
සමීක්ෂකයින් විසින් 2019 වසරේ සිය ධාවනයේ යෙදි ඇති විද්‍යුත් මෝටර් රථ මාදිලි 652 ක් විශ්ලේෂණය කර ඇති අතර, එම වාහන වසරකට කිලෝමීටර් 14000 ක් ධාවනයේ යෙදී ඇති බවට සිදුකළ උපකල්පනය මත මෙම ගණනය කිරිම සිදු කර තිබුණා.

විද්‍යුත් වාහන අවම පිරිවැය සහිත කාර්යක්ෂම වාහනයක් ලෙස සමීක්ෂකයින් නම් කර ඇති අතර ඉන්ධන මිල පහත වැටුණ ද, විදුලි මිල ඉහළ ගියද විද්‍යුත් වාහන පෙට්‍රල් සහ හයිබි්‍රඩ් වාහන වලට වඩා අඩු පිරිවැයක් ගෙන දෙන බව සඳහන්.