වසර 16කට පසු ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් හී මිල සමාලෝචනය කෙරෙයි

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ක්ෂේත්‍රයේ සිදුවී ඇතැයි කියන මිල ඉහළ යාම සහ තරගකාරීත්වය පිළිබඳව විමර්ශනය කිරීමට පාරිභෝගික නිරීක්ෂණ කණ්ඩායමක් යෙදවීමය ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් හී මිලකරණය සහ තරඟකාරිත්වය විමර්ශනය කිරීම සඳහා රජය විසින් ඕස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසම වෙත නිල වශයෙන් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

වසරක් පුරා පැවැත්වෙන මෙම පරීක්ෂණය, 2008 වසරෙන් පසු සිදුකෙරෙන පළමු අවස්ථාවයි.

මිල ඉහළ යාම සහ සුපිරි වෙළඳසැල් අතර ආහාර මිල තරඟකාරීත්වය පිළිබඳ චෝදනා මේ යටතේ විමර්ශනය කරනු ඇති.

විමර්ශනය වලදී පාරිභෝගික කොමිෂන් සභාව විසින් සැපයුම් දාමය වෙළඳසැල් කර්මාන්තයේ වත්මන් ව්‍යුහය මෙන්ම කර්මාන්තයේ තරඟකාරිත්වය අධ්‍යයනයට ලක්කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල්වල මිලකරණ ක්‍රම,සැපයුම් දාමයේ දී මිලකරණයට බලපාන ගැටළු සහ  ගොවිපල සහ සුපිරි වෙළඳසැල් මිල අතර වෙනසද සොයා බලනු ඇති.

කොමිසම විසින් අගෝස්තු 31 වන විට අතුරු වාර්තාවක් ලබා දීමට අපේක්ෂා කරන අතර අවසාන වාර්තාව 2025 පෙබරවාරි 28 දින ලබාදීමට නියමිතයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »