Search

නිදන්ගත කැස්ස රෝගීන්ට x-ray පරික්ෂණ අවශ්‍යයි

නිදන්ගත කැස්ස ඇති රෝගීන්ට පපුවෙහි x-ray පරික්ෂණයක් වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානුවන් අතුරින් වැඩි පිරිසක් අතර කැස්ස රෝගය සාමාන්‍ය තත්වයක් වන අතර ජනගහනයෙන් සියයට 8.8 කට නිදන්ගත කැස්සක් ඇති බවයි ඇස්තමේන්තු කර ඇත්තේ.

වැඩිහිටි පුද්ගලයින් සදහා මාස දෙකකට වඩා වැඩි කාලයක් ද කුඩා ළමුන් සදහා මසකට වැඩි කාලයක් කැස්ස පවතින්නේ නම් ඔවුන් නිදන්ගත කැස්ස සහිත පුද්ගලයින් ලෙස ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සගරාව නම් කර තිබෙනවා.

දුම් පානයෙන් තොර පුද්ගලයින් අතර නිදන්ගත කැස්ස වැළදීම සියයට 03 ක් වන අතර දුම්පානය සඳහා ඇබ්බැහිවුවන්ගෙන් සියයට 08 කට නිදන්ගත කැස්ස පවතින බවයි හඳුනාගෙන ඇත්තේ.

ස්වදේශික ජනතාව අතර නිදන්ගත කැස්ස වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ස්වදේශික ළමුන්ගෙන් සියයට 13 ක් පමණ එයිව් පෙළන බව සඳහන්.

මේ අතර නිදන්ගත කැස්ස පවතින ස්වදේශිකයින් හා සෙසු ඔස්ට්‍රේලියානුවන් අතර මරණ අනුපාතික පරතරය අවුරුදු 22 ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »