Tesla Model 3 විද්‍යුත් මෝටර් රථය යළි කැඳවයි

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම විද්‍යුත් මෝටර් රථමාදිලියක් හදුන්වාදී සති තුනක් ඇතුළත යළි කැඳවා තිබෙනවා.

මෙලෙස කැඳවා ඇත්තේ Tesla Model 3 වර්ගයේ විද්‍යුත් මෝටර් රථ 500ක්.

වාහන දාවනය සඳහා අත්‍යවශ්‍ය ආරක්ෂිත උපාංගයක් වන ළමා ආසනය නිසි පරිදි ස්ථානගත නොමැති වීම හේතුවෙන් විද්‍යුත් මොටර් රථ 500කට අධික ප්‍රමාණයක් නැවත කැඳවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ  අදාළ විද්‍යුත් මෝටර් රථය තරු 5 ශ්‍රේණිගත කිරීම ද ලබා තීබීමයි.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික අධිකාරිය සදහන් කළේ අදාළ විද්‍යුත් මෝටර් රථය ඔස්ට්‍රේලියානු මෝටර් රථ සැලසුම් නීති උල්ලංඝනය කර ඇති බවයි.

අදාළ මෝටර් රථය ඔස්ට්‍රේලියානු වාහන සැලසුම් රීති 34න් 3ක් උල්ලංඝණය කර ඇති බව සදහන් වන අතර පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම මෝටර් රථය ඔස්ට්‍රේලියාවට ආනයනය කර තිබුණා.

බලපෑමට ලක් මෝටර් රථ මිලදීගත් පාරිභෝගිකයින් අදාළ අලෙවි නියෝගිතයන් හා සම්බන්ධ වන්නැයි වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු යුවළකගේ දිවි අහිමි කළ සැකකරු ගැන අලුත් අනාවරණයක්

පිලිපීනයේ හෝටලයකදී ඔස්ට්‍රේලියානු පුරවැසියන් වන යුවළක් ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා එම හෝටලයේ හිටපු සේවකයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

Read More »