AUS vs WI දෙවන එක්දින ක්‍රිකට් තරගය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය සිඩ්නිහිදී අද පැවැත්වෙනවා.

රාත්‍රී 7.30ටයි මෙම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිවුණා.

සංචාරක කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු තරගයේදී ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගත් සේවියර් බාට්ලට් දෙවන එක්දින තරගයේදී විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.

ඔහු සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයේදී ලකුණු 17කට කඩුලු 4ක් බිඳහෙලීමට ද සමත්වුණා.

කෙසේවෙතත් සේවියර් බාට්ලට් කැන්බරාහිදී පැවැත්වෙන තුන්වන එක්දින තරගයට එක්වනු ඇති බවටයි ඔස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මන්ඩලය ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව දෙවන එක්දින තරගයට ජොෂ් හේස්ල්වුඩ් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

එක්දින තරගාවලියේ ජය තහවුරු කර ගැනීම වෙනුවෙන් අද පැවැත්වෙන මෙම තරගය කණ්ඩායම් දෙකටම අතිශයින් වැදගත් වනවා.

ඔස්ට්‍රේලියාව සමග අවසන් වරට සහභාගී වූ එක්දින තරග 6ක් අතුරින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

සංචාරක කොදෙව්වන් සහ ඔස්ට්‍රේලියාව අතර මෙවර පැවති ටෙස්ට් තරගාවලිය එකට එකක් ලෙසට ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »