වසර තුනකට පසු වික්ටෝරියා ප්‍රාන්තයට ඉහළ උෂ්ණත්වයක්

අද සහ හෙට දෙදින තුළ ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර වෙළර කළාප ආශ්‍රිත ප්‍රදේශ වලට වාර්තාගත ඉහළ උප්ණත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ අංශ අනතුරු ඇගයීමක් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශයන්ගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යනු ඇතැයි සඳහන්.

කාලගුණ විද්‍යා කාර්යාංශය දත්ත අනුවල දකුණු ඔස්ට්‍රේලියාවල වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවල වසර තුනක කාලයක් තුළ ඉහළම උෂ්ණත්වය වාර්තා කිරීමට නියමතයි.

මේ අතර අද සවස් කාලයේ සිසිල් කාලගූණයක් අපේක්ෂා කරන අතර උෂ්ණත්වය අඩු වනු ඇතැයි සඳහන්.

අද සහ හෙට දිනයන් හී මෙල්බර්න් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක්, නිව් සවුත් වේල්ස් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 39, සිඩ්නි හි උෂ්ණත්වය සෙල්සියස් අංශක32ක් සහ ඇඩිලේඩ් හි සෙල්සියස් අංශක 36ක් ලෙසයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජනතාව මේ දින වල හැකි තාක් එළිමහන් එකරාශීවීම් වලින් වැලකී සිටින්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »