පියාසර කිරීමට නොහැකිව ඔස්ට්‍රේලියානු කුරුල්ලන් අහසින් පොළවට

රෝගී තත්වයක් හේතුවෙන් පියාසර කිරීමට නොහැකිව කුරුල්ලන් සිය ගණනක් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයට වැටී තිබෙනවා.

ලොරිකීට් ලෙස හැදින්වෙන කුරුලු විශේෂයට Lorikeet Paralysis Syndrome රෝගය වැලදීම  හේතුවෙන් මෙලෙස පක්ෂීන්හට පියාසර කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

අනුභව කළ ශාකයක් විසවීමෙන් මෙලෙස රෝගී වන්නට ඇතැයි විශ්වාස කරන අතර නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔස්ට්‍රේලියානු වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ පවතින දේශගුණික විපර්යාස ද මේ සදහා බලපා ඇති බවයි.

රෝගී පක්ෂින් හට පියාසර කිරීමට පියාපත් ශක්තිමත් නොවීම, ශරීරයේ පිටු පස කොටස ද පන නැතිවීමෙන් මෙලෙස ඇදවැටි තිබුණා.

මෙලෙස පිම ඇඳ වැටී සිටි පක්ෂීණි එකතු කරගනිමින් ප්‍රතිකාර සඳහා වනජීවි අංශ රැගෙන ගොස් ඇති බව ද සඳහන්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »