76 වන අභිමානවත් නිදහස් දිනය අදයි

ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අන්දමින් අද සැමරෙනවා.

වසර 443 ක් පෘතුගීසි – ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ට යටත්ව සිට ශ්‍රී ලංකාවට නිදහස හිමිවූයේ 1948 වසරේ පෙබරවාරි 04 වනදායි.

76 වන නිදහස් දින උළෙල අද පෙරවරු 08 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙවර නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් සහභාගිවීමට නියමිතයි.

හදමු අලුත් රටක් මෙවර 76වන ජාතික නිදහස්දින තේමාව වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු ආගමික නායකයන් – මැති ඇමතිවරුන් – ප්‍රභූන් – රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුලු විශාල පිරිසක් ඊට සහභාගීවිමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »