Search

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ළදරු මරණ සංඛ්‍යාව ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ළදරු මරණ වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා

ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ වැඩිම මළ දරු උපත් සංඛ්‍යාව සහ දරු ප්‍රසූතියෙන් දින 28ක් ඇතුළත ළදරු මරණ වාර්තාවීම් අතින් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තය දෙවන ස්ථානයට පත්ව තිබුණා.

වැඩිම උපත් මරණ සංඛ්‍යාවක් වාර්තා කිරීම අතින් ඉහළ ස්ථානයට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ උතුරු කළාපයයි.

ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය ෂැනන් ෆෙන්ටිමන් පැවසුවේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලා අවශ්‍ය වෛද්‍ය පහසුකම් තව දුරටත් ප්‍රාන්තය පුරා පුලුල් කරන බවයි.

මෙලෙස මළ දරු උපත් සහ ළදරු මරණ වලට හේතු සහ නිර්දේශ හඳුනා ගැනීම සඳහා සායනික සමාලෝචනයක් කිරීමට ද අමාත්‍යවරිය නියෝග කර තිබෙනවා.

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සෑම උපත් දහසකදීම සියයට 11.5ක් උපතේදීම මිය යන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මළ දරු අනුපාතය පහළ දැමීම සඳහා ගර්භනී මව්වරුන් දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත්තේ.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »